How You Should Process Your Short Term Loans

බිකිණි ඇඳන් තිසාවැවේ නාන්න ගිය තරුණියන්ට වුණ දේ


අනුරාධපුර පූජා නගරයේ පිහිටි ප‍්‍රසිද්ධ ස්ථානයක්වන තිසාවැවෙහි අශෝභන ලෙස යට ඇඳුම්වලින් සැරසී දිය නාමින් සිටි තරුණියන් හයදෙනෙකුට තරයේ අවවාදකර මුදා හැරීමට පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් කටයුතු කර තිබෙනවා.

අනුරාධපුර නගරයට තරුණයන් පිරිසක් සමග විනෝද චාරිකාවේ පැමිණි තරුණියන් හයදෙනෙකු තිසාවැවේ දියනැමට ගොස් ඔවුන් ඇඳසිටි උඩු ඇඳුම් දෙනොදහසක් බලා සිටිය දී ගලවා දමා යටට ඇඳසිටි ඇඳුම්වලින් දියට පැන තිබෙනවා.

දිය නෑම සඳහා පැමිණ සිටි පුද්ගලයෙකු තරුණියන්ගේ මෙම අශෝභන ක‍්‍රියාකලාපය සම්බන්ධයෙන් ඒ අසල රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන්ට දන්වා තිබෙනවා.

පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ වහාම වැවෙන් ගොඩට එන ලෙස අදාළ තරුණියන්ට උපදෙස් දී තරයේ අවවාද කර තිබෙනවා.

මේ හේතුවෙන් ලැජ්ජාවට පත් වූ තරුණියන් එම යට ඇඳුම් පිටින්ම ඔවුන් පැමිණි වෑන් රථයේ නැගී පිටත්ව ගිය බවයි වාර්තාවන්නේ.
Powered by Blogger.